Saturday, July 27, 2013

ඉවත ගලා ගිය කදුලක දිය වී ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ......

සිතින් ඉන්නට නැත්ත ලන් වී
ගතින් යන්නට එපා වෙන වී
                                        ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
                                        සිතා ගන්නට බෑ ......// 
ආදරය ජීවිතයේ මම ගොඩක්ම ආස කරපු වගේම වෛර කරපු වචනයක්.
මේ ලොකේ ඉන්න ඕනීම මනුස්සයෙක් ගොඩාක් කැමැත්තෙන් විදින්න ගොඩාක් ආස වෙන  , ඕනීම කෙනෙක් පෙරුම් පුරන වචනයක් තමයි ආදරේ.
ඒත් අපේ මානව සන්තානය පුරාවට අනේක විද දුක් දෝමනස්සයන්ට බදුන් වෙලා පෝෂණය වන්නේත් මේ කියාන්නා වූ ආදරේම තමයි.
ඇත්තටම ආදරේ කරන දෙන්නෙක්ට අර සින්දුවෙන් කියනවා වගේ එකට ළන් වෙලා ඉන්න අවකාශ නැතත් සිතින් එකට ළන් වෙලා ඉන්න ,ආදරේ කරන්න පුලුවන්ද?

මමත් කලින් එහෙම හිතපු යුගයක් තිබ්බා.
ඒත් කිසිම දේකින් මානසික සන්තුෂ්ඨුයක් ලබන්න අපොහොසත් ,නොයේක විද භෙව්තික වාදී අපේක්ෂාවන් ඔලුවේ තියන් ජීවත් වෙන අපිට මම හිතන් නෑ ආදරේ කරන කෙනෙක්ට සිතින් විතරක් ආදරේ කරන්න පුලුවන් කියලා.
මම හිතනවා එහෙම කරන්නනම් අපේ හදවත් ගොඩාක් ශක්තිමත් වෙන්න ඔනී වගේම අපේ ආත්මය ගොඩාක් පින් වන්ත වෙන්න ඕනී කියලා.
එහෙම කරන්ඩ පුලුවන් මනස ටිකක් හරි දියුනුකරගත්ත අයට විතරයි නේද?
ඒත් මනස දියුනු කරගත්ත අය ආදරේ වගේ ඕලාරික හෑගීම් වලට සදහටම සමුදෙන හැටි දකිද්දීපෙනෙද්දීඇත්තටම එහෙම කරන්නේ කොහොමද කියලවත් හිතාගන්න ගොඩාක් අමාරුයි.
ආදරේ කියන දේ තව තව වැඩි වෙන්න, ඇහැට දකින්න ඕනී
කනට වචන ඇහෙන්න ඕනී.
සුවද දැනෙන්න ඕනී.
එහෙම නැතිව තාමත් භව්තිකවාදී ජීවිත ගත කරන අපිට නිර්මලව විතරක් ආදරේ විදින්න බෑ
එකනේ ඇත්ත.
ඒත් මම හිතන්නේ ආදරේ කියන්නේ වේදනාවක් විතරයි.
අපි මුලින් ආදරේ කරන කෙනා අපිට ආදරේ නැති එක ගැන දුක් වෙනවා.
ඊටපස්සේ LOVE ekak සෙට් උනාම එයාගේ අඩු පාඩු දැකලා ඒ ගැන දුක් වෙනවා.
යාලු වෙලා ඉන්න කෙල්ල වෙන කොල්ලෙක් එක්ක හිතවත් කමට කතා කලාම ,
ඒ ගැන අපි පැලෙන්න දුක් වෙනවාඅන්තිමට ආදරේ කල කෙනා දාල ගියාම ආයේත් දුක හිතනවා,
ඉතින් ඇත්තටම කොයි ආදරේ?
සතුට කියලා ආදරේ ලන් කරන් අපි දුක් විදිනවා.
එහෙමයි කියලා අපිට ආදරේ නොකල ඉන්නත් බෑනේ.
ඒ කියන්නේ මේ අපේ හිත් වල ඇති වෙන දුකට කවදාවත් විසදුමක් නෑ කියන එක.   
ආදරයේ හීන මවා
ජීවිතයේ පාර කියා
සන්සාර මගට රන් එලි වැට සේමා
ඔබ ඉරත් හදත් මගේ අහසට ගෙනාවා............................

No comments:

Post a Comment