Thursday, June 7, 2012

දුකම කොයි තරම් සතුටක්දෝ....!!!!

තනි රකින කදුල සැමදා

            පෙරුම් පුරාගෙන ආ සන්සාරේ
         පැතුමද සුනු විසුනුව වැටුනේ....!!!

මේ සින්දුව අහන හැම වෙලාවකම මගේ හිතට දැනුන දෙයක් තමයි.මතුපිටින් පේන හැගීමට වඩා ලේ,මස්, ඇට මිදුලු විනිවිදින හරි ලස්සන තේරුමක් මේ සින්දුවට තියෙනවා කියන එක.අපිට අපේ ජීවිත හරියට තෙරුම් ගන්න බැරුව කොහොමද සින්දුවක , පද කීපයක හැන්ගුන රසේ හොයාගන්නේ?        ඒත් මා හිතෙන්නේ මේ සින්දුව පුරාවට තියෙන්නේ හිත ඇතුලෙන් දුක පසාරු කරගෙන සතුට දකින හැටි කියලා
.හරියට අපේ අම්මලා බඩගින්නේ ඉදන් පුන්චි පුතාලගේ බන්ඩිය බත් කටවල් වලින් පුරවල ඒ පුන්චි පුතාගේ හිනාව ඇතුලෙන් මතු වෙන
අහින්සක සතුටින් බඩ  පුරවගන්නවා වගේ. 
අපේ අම්මලා වගේ අපිටත් දුක හන්ගගෙන හිනා වෙලා ඉන්න පුලුවන්නම් ඇත්තටම ජීවිතේ ටිකක් හරි ලස්ස්න වෙයි.   
හැම දුක හිතෙන දෙයක් දිහාම සතුටුන් බලන්න අපිට පුලුවන් ඇති.
මටත් ඒ තරමටම බැහැ තමයි.ඒත් ඒ පුලුවන් තරම අනුව තමයි ඇත්තටම ජීවත් වෙනව කියලා දැනෙනවා ඇත්තේ.
සත්තකින්ම ජීවත් වෙනව කියලා.
ඔයා ගේ  යාලුවෙක් ඔයා ගාවට ඇවිත් කීවොත් "මචෝ මම ගොඩාක් දුකින් ඉන්නෙ  
මේ වෙලාවේ " කියලා,"ඇයි මචෝ මොකද්ද අවුල " කියලාඑයාගෙන් අහනවට වඩා උගේ කරට අත දාගෙන ඒකිව හරි
ඌව හරි තමන්ගේ ලගට කරන්  ටිකක් වෙලා හිටියාම ඒක එයාගේ පපුවට අර වචන වලට වඩා දැනෙයි .
ඌ තනිවෙලා නෑ කියලා දැනෙයි.
කෙනෙක්ගෙන් අපි උදව්වක් ඉල්ලද්දී "මචන් මට පොඩි හෙල්ප් එකක් දියන්කෝ " කියලා ලොකු
උදව්වක් ඉල්ලනවට වඩා "මචන් මට ලොකු උදව්වක් දියන්කෝ " කියලා චූටි උදව්වක් ඉල්ලද්දී ඌට දැනෙයි මගේ පුන්චි
උදව්ව මට කොයි තරම් වටිනවද කියලා.ලොකුද කියලා.හරියට මහා සාගරේ වගේ .දුක හැමදාම අපි ලග තියෙන්නෑ.
ජීවිතේ එක තැනකින් නවතින්නෙත් නෑ.ඒත් ඒ මිනිස්සු අතරේ    දුවන්න යන්න එපා
.ඔයාටත් හති වැටෙයි.ඊට වඩා ඔයා ජීවත් වෙනවා කියලා දැනෙයි..ඒ දුවන මිනිස්සුන්ට හති වැටෙන කොට වතුර ටිකක් දෙන්න ...         
                                                                            -පොඩ්ඩාගේ පොඩි අදහස්.-

No comments:

Post a Comment