Thursday, June 7, 2012

සුදු නoගි!!

මගේ ජීවිතේම ඔබ නම්


           මම වැස්ස දිහා ගොඩාක් ආසාවෙන් බලාන ඉන්දියා.ඒ වැස්ස දිහා බලාන ඉද්දි හිතෙනවා ජීවිතේ තනිකම , පාලුව ,හැම දෙයක්ම ලොකු වැස්සකින් හේදිලා යනවනම් කොයි තරම් ලොකු දෙයක්ද කියලා.ඒත් වහින්න වහින්න ළිදක් බොර වෙලා යන්වා වගේ තව තව තනිකම ජීවිතේ බොර කරනවා විතරයි.ඒත් කවදා හරි මෙ බොර දිය මගේ ජීවිතෙන් ගලාන යන කන් මම බොහොම නිහඩව බලාන ඉන්නවා.
               
."හෙලෝ සුදු නන්ගි අද ස්කොලේ ගියෙ නැද්ද?"
                
"නැහැ සුදු මහත්තයෝ අද ගියේ නෑ .ඔයාටනම් කොහොමත් අද ටියුෂන් නැහැනේ.මම අද ඉබ්බන්විල හන්දියට එනවා බඩු වගයක් ගන්න.අය්යා එනවද මාව බලන්න?"
               
"හ්ම් බලමුකො.අනික ඔයා හිතුවද මට වෙන වැඩ නැහැ කියලා ?"
          "අය්යා විහිලුවට උනත් ඔහොම කියන්න එපා මට දුක හිතෙනවා හලෝ
                "අය්යෝ පිස්සු කෙල්ල.මම එන්නම් සුදු ඔයාව බලන්න .මම කියටද එන්න ඔනි කියන්නකෝ?"
                " 3 වෙද්දි ඉන්ෆොර්ටෙක් එක ඉස්සරහට එනවද අය්යේ?"
                            "හරි මම එන්නම් නන්ගෝ"
                      තල මල පිපුනා මෙන් සුදර්ශනෙගේ ජීවිතෙ විකසිත වන්නට වු යේ නිමාලිගෙ කුලුදුල් ස්නෙහයේසෙවනැල්ල ඔහුගේ ජීවිතයට එබිකම් කිරීමත් සමගය.ඔවුන් ගෙ හදවත් එක් වුයේ ඒ දෙදෙනාම මෙලොව තනිකමින් වියරු වැටි හුන් එක් නිමෙෂයකය.ඒත් මේ සුන්දර ආදරය ,සුදර්ශ්නගේ ජීවිතය ,නිමලිගෙ මුලු ලෝකයම එකම සුවදකින් පිරී යනු ඇතැයි ඔවුන් දෙදෙනාම සිතන්නට නැත.
                                 "නිමාලි"
                               "සුදු අය්යේ"
                       "ඇයි අද ස්කෝලෙ ගියෙ නැත්තේ.මම ඒකට කැමති නෑ නන්ගි"
                          "අනේ නෑ සුදු අය්යේ මගෙ ඔලුව හොදටම රිදෙන්න ගත්තා.උදේ ස්කොලේ යන්න නැගිට්ටාම.තව ටිකක් හවස් වෙලා ගෝල්ඩන් කී එකට යන්න ඉන්නෙ තාත්තිත් එක්ක."
       " අනේ ඒ මොකෝ නන්ගෝ. ඔයා එයේ හවස වැස්සට තෙමුනද ?"
             "නෑ අය්යේ.නිකන් වෙන්න ඇති.සෙම වැඩිවෙලා වෙන්න ඇති"
               "හරි හරි මට කියන්න නිමාලි.ඔයා දැන් මම හදා දුන්න ට්යිම් ටේබල් එකට වැඩ කරනවද?හැබැයි ඔයා හොදට ඕලෙවෙල් පාස් උනේ නැත්නම් මම වෙන කෙල්ලක් හොයා ගන්නව හරිද ?"
               "ඉතින් හොයා ගන්න එකනෙ ඇත්තේ.මට මොකෝ?"
                  "විහිලු නෙමේ සුදු නන්ගි .මට මේ හැමදේටම වඩා වටින්නේ ඔයාගේ සතුට.ඔයා හොදින් පාස් උනේ නැත්නම් මට ජීවිත කාලෙටම පසු තැවිල්ලක් ඉතිරි වේ මම නිස නේද කියල.ඒනිසා මහන්සි වෙලා වැඩ කරන්න මම වෙනුවෙන්."
           "හා හොදයි මම පොරොන්දු වෙන්නම්කො.මල වදයක්නෙ මෙයත් හෙහේ."
           "දෙන්නේ ගුටියක් "
                  ආදරය ගොඩාක් සුන්දරයි.ඒත් විටෙක ගොඩාක් බොළදයි.විටෙක ගැඹුරු චින්තාවක් ඒතුල අන්තර්ගතයි.ආදරය මේ සියල්ලගේ සොදුරුතම නවාතැන් පොලක්.ඒත් ආදරය උනත් සදාතනික නොවන්නකි.සදාතනික වුවත් පැවත්ම සදාතනික නොවේ.ඒත් කවුරුන් උව මතකයන් තුල අතරමන් වන්නෝමය.මන්ද ජීවිතේ සිහිලැල්ව ස්පර්ශ කල මතකයන් තුල .මතක මන්දිර තුල අපි කවුරුත් තනිවෙන අවස්තා නැතිවාම නොවේ.
  "හෙලෝ සුදු මැණිකේ"
"කියන්න සුදු මහත්තයෝ"
"මම හෙට නුවර යනව මාළිගාවට අම්මිලා එක්ක.මොකද අපේ අප්පච්චි අනිද්දා අයෙමත් රට යනවනේ"
"හානේ හරි ෂෝක්.මට එන්න නැහැනෙ ඉතින්"
"ඒක තමයි මටත් දුක.අවොත් නම් ඉතින් නැන්දම්මා ආදරෙන් එක්කන් යාවි.ඒක නෙමේ මගෙ නන්ගිට මොනාද ගේන්න ඕනි?"
"ඔයාව මතක් වෙන්න මට අතේ බදින නූලක් ගේන්න"
"අයි මම නූලක් ගෙනාවෙ නැත්නම් ඔයාට මාව අමතක වෙවිද ?"
"පිස්සුද සුදු අය්යේ.අනේ මට මොනාත් ගෙනාවෙ නැතිවට කමක් නැහැ.ඔයා පරිස්සමෙන් ගිහින් එන්න අය්යේ.ඒ ඇති මට"
"මගේ අම්මෝ මෙයා පණ්ඩිත වෙලා තියෙන තරම .අනෙ කියන්නකෝ සුදු ඔයාට වෙන මොනාද ඔනි?"
"අනේ ඉතින් මම කීවනේ මට මොනාත් එපා කියලා.ඔයා යනකම් මගේ ළගට වෙල ඉන්න ඒ ඇති මට.''
"මාම් එහෙනම් තියන්නම් සුදු නන්ගි.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි!!"
            ඇගෙත් මගේත් ආදරය මෙවන් මතක සැමරුම් වලින් එකාත්මික වී තිබුන කලක, මා ඒ ආදරය තුල ජීවත් උනේ සිහින දකින්නෙකු මෙනි.ඒ සිහිනෙන් ඉකමනින් අවදි වීමට මට කිසිදු උවමනවක් නොතිබුණි.ඒත් පූදින මලක් දෙස නෙතු අයා එහි අසිරිය විදින්නාක් මෙන් ඒ මල පර වී යන බවත් අමතක කරමින් එ සතුට විද ගැනීම තරම් තවත් වේදනාවක් මෙලොව තිබේද?
"හෙලෝ සුදු නන්ගි"
"හෙලෝ ඇයි හදිස්සියක්ද?"
"නන්ගා, මොකො අනේ මේ? ඔයා මොකක් හරි අව්ලකද ඉන්නේ?"
"හ්ම් නැහැ එහෙම දෙයක් නෑ."
"අනේ මේ මොකෝ මට ගොඩාක් දුක හිතෙනවා"
"අය්යේ මම දැන් වැඩක් .කතා කරන එක කරදරයි දැන්"
           ඇය නිසැකවම කිසියම් හෝ සිත් තැවුලකින් විය යුතුය.නමුත් එවන් කිසිම වරදක් මා අතින් නම් සිදු වී නොමැති බව සහතිකය.සමහර විට එය ඇගේ පව්ලේ ප්‍රශ්නයක් විය හැක
              "සුදු නන්ගි මට හිතුනා අද ඔයා ස්කෝලේ ගිහින් හවස අනිවා ලයිබ්‍රර්‍රි එකට ඒවි කියලා.හා හා කොහොමද මගේ ඉව"
"ඇයි ඉතින් උවමනාවක් නම් කෝල් එකක් දෙන්න ටිබ්බනෙ සුදර්ශන අය්යේ?"
      ඇටි කවදාවත් නැතිව මට නමකියල කතා කරන්නේ
"සුදු නන්ගි?මොකද ඔයාට වෙලා තියෙන්නේ? මොකද්ද මම ඔයාට කරපු වරද ?"
     මෙලෙස කියමින් ඔහු ඇගේ හිසකෙස් පිරිමදින්නට උවත් නිමාලි වහා ඔහුගේ අත ගසා දැමීය.
      "අනේ ප්ලිස් අය්යේ මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.මට මගේ පාඩුවෙ ඉගෙන ගන්න ඕනි."
             සුදර්ශනගේ දෙනත් වලින් චායවක් මෙන් කෙමින් කෙමින් මැකී යන නිමාලි දෙස ඔහු බලා න  ඉන්දියේ දැඩි වේදනාවකිනි.හීල්ලුම් නොදෙන වේදනාවක් සමග සීතල කදුලු කැටයක් ඔහුගෙ තොල් පෙති ස්පර්ශ කලේ මහත් වේදනාවකිනි.එදා සිට ඔහු යැවූ කිසිදු කෙටි පණිවිඩයකට ඇය පිලිතුරු නො එවෙව්වාය.ඇයගේ දුරකතනයද ක්‍රියාවිරහිතය.ඉවසුම් නොදෙන කල ඔහු පිළියන්දල පිහිටි ඇගේ නිවස අසලද කිපවරක්ම සොදිසි කර බැලූවත් ඇය පෙනෙන්නට නොවීය.ටික ටික කාලය ගතවිනි.ඉටිපන්දමක් ආදරයෙන් දැල්වී උනු වී නිවි යන පරිද්දෙන් ඔවුන්ගෙ කුලුදුල් ආදරය දිනෙන් දින .දියාරු වී ගියෙය.සුදර්ශන තවමත් මවිත වී සිටි.තනිකම පාලුව දැන් ඔහුගෙ ජීවිතය වෙලාගෙන ඇත. . . .එක් දිනක් හදිස්සියේ මිතුරෙක් මර්ගයෙන් සුදර්ශනට නිමලිගෙන් ලිපියක් ලැබින. 
   
.මගේ සුදුමහත්තයො,
මට සමාවෙන්න.තව දුරටත් මට ඔයාට ආදරේ කරන්ඩ බෑ.මගෙ මොබ්යිල් එකත් මම අප්පච්චිට දුන්නා.අය්යාට මතකද මට නිතර පහු ගිය කාලෙ හිසේ අමාරුවක් හැදුනා.ඒ ගැන  බලලා ඩොක්ට කිවා මට brain tumour  එකක් කියල.එයාල නොකීවට මම දන්නවා . මාව ඉක්මනට මැරේවි.ඉතින් තව ටික දවසක් ඉන්න මට ඔයාට ආදරේ කරන්ඩ බෑ..අපි හෙට ට්‍රිට් වලට ඉන්ඩියා යනවා.ස්ම්ට්ම් මට ආය ලන්කාවට එන්න බැරි වෙයි..මම එනකම්ම.මාව අමතක කරල මගෙ සුදු මහත්තයා සතුටින් ඉන්න.
. -සුදුනන්ගි-
                                                         මෑත තුෂාරයේ කදු අතරේ
                                                              පිපුන කුසුම නුබනම්
                                                        සද මඩලේ සද කුමරිය මෙන්
                                                               මම ඔබ සුරකින්නම් 


No comments:

Post a Comment